ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වනු ලබන 'ජනබලය' උද්ඝෝෂණය ලිප්ටන් වටරවුම, පිටකොටුව බෝධිය සහ ලේක්හවුස් වටරවුම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සංවිධායකයන් සැලසුම් කර තිබේ.
ඒ සඳහා බොරැල්ල, විහාරමහාදේවී උද්‍යානය, ටෙක්නිකල් හන්දිය, සුගතදාස ක්‍රීඩාංගණය, නවලෝක රෝහල යන ස්ථාන ඔස්සේ උද්ඝෝෂකයන් පැමිණිමට නියමිතය.
පාසල් ළමයින් කොළඹ නගරයෙන් බැහැර වූ පසුව සවස තුනට පමණ විරෝධතා පාගමන් ආරම්භ කිරීමට සංවිධායකයන් සැලසුම් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සවස 5.00ට පමණ ලේක්හවුස් වටරවුමට එක්වන බවද ඔවුහු සඳහන් කරති.
මේ වන විට දුර පළාත්වල ජනතාව ප්‍රධාන මාර්ග ඔස්සේ කොළඹ දෙසට පැමිණෙමින් සිටින අතර කොළඹ, ගම්පහ, කළුතර, පොළොන්නරුව, මහනුවර, රත්නපුරය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක පොදුජන පෙරමුණ සාමාජිකයන් කොළඹ නගරයට ආසන්නයේ මාර්ග අවට රැඳී සිටින ආකාරය නිරීක්ෂණය විය.
පොලිස් කණ්ඩායම් ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය, පාර්ලිමේන්තු පාර ඇතුළු ප්‍රධාන රජයේ ප්‍රධාන මර්මස්ථාන අවට රැඳී සිටියි.
ඡායාරූප ඉසුරු පෙරේරා / ඒෂාන් ප්‍රනාන්දු

















































