ආණ්ඩුවට විරෝධය පළ කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ ලිප්ටන් වටරවුම හා විහාරමහාදේවී එළිමහන් රංග පීඨය ආශ්‍රිතව හෙට (02දා) සිදුකරන‘ජනබල සේනා’ විරෝධතා ව්‍යාපාරය සම්බන්ධව මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (01දා) සවස සංවිධානය කර තිබුණි.
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පද්ම උදය ශාන්ත ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක් වූ පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා,
“පරගැති පාලනය තවදුරටත් තිබුණහොත් ජාතිය අවසානයට පත් වෙනවා. ඒ බව ජනතාවට වැටහී තිබෙනවා.බෙදුම්වාදී ව්‍යවස්ථාව ගේන, ජීවන බර වැඩිකරන, මත්තල ඇතුළු මේ රටේ ජාතික සම්පත් විකුණන, ගොවියගේ ඉඩම් ටික විකුණන මේ ආණ්ඩුව ගෙදර යවන්න, පරගැති හවුල පරද්දන්න ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රටේ හතරවටින් හෙට එක්වෙනවා.” යනුවෙන් පවසා සිටියේය.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු





