බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් හතර වන රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගිවීමට නේපාලය බලා පිටත්ව ගිය ජනාධිපතිමෛතී්රපාල සිරිසේන මහතා අද (29දා) දහවල් කත්මණ්ඩු නුවර ති්රභුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.
එහි දී ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ නේපාල නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ඊෂ්වර් පොක්හ්රෙල් මහතා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසිනි.
එරට රජයේ පූර්ණ හමුදා උත්තමාචාරය ජනාධිපතිවරයා වෙත පිළිගන්වමින් ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු විය. මෙම පිළිගැනීමේ අවස්ථාවෙන් අනතුරුව ජනාධිපතිවරයා සමග නේපාල නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සුහද කථා බහකට ද එක්විය.





