තෙදින ඉන්දීය නිල සංචාරයක නිරත වූ ජනපති අනුර කුමාර දිසානායක මහතා අද (17) පෙරවරුවේ බුද්ධගයාවට පැමිණ සිදුහත් කුමරු බුද්ධත්වය ලැබූ ස්ථානයේ පිහිටා ඇති මහා විහාරය සහ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශීර්වාද ලබා ගත්තේය.
මෙහිදී ඉන්දියානු මහාබෝධි සමාගමේ මහ ලේකම් පූජ්‍ය පැලවත්තේ සීවලි ස්වාමීන්වහන්සේ සහ සාරනාත් මධ්‍යස්ථානාධිපති පූජ්‍ය රත්මල්වල සුමිත්තානන්ද ස්වාමීන්වහන්සේ ජනපතිවරයා වෙත ආශිර්වාද කරන ලදී.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


