ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අතර හමුවක් අද පස්වරුවේ කොළඹදී පැවැත්වීය.
මෙහිදී ජනපතිවරයා සඳහන් කර ඇත්තේ පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට ස්වාධීන කොමිෂන් සභාවක් පත්කර වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදෙන බවයි.
එසේම ගතවූ දින කිහිපයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් ක්රියාමාර්ග පිළිබඳව කාදිනල් හිමියො පැවැසූහ.



