ලබන වසරේ ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට අවශ්‍ය පාසල් නිල ඇඳුම්වල්නි සියයට 70ක ප්‍රමාණයක් චීනය විසින් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කිරීමට නියමිතව තිබේ. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 5කට අධික වටිනාකමකින් යුත් ප්‍රදානයකි.
චයිනා එයිඩ් හරහා ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ පළමු නිල ඇඳුම් තොගය මේ වන විට ෂැංහායි නුවරින් නැව්ගත කර තිබේ. එම නිල ඇඳුම් තොගය රැගත් නෞකාව ලබන වසරේ ජනවාරි 6 වැනිදා වන විට කොළඹ වරායට සේන්දු වීමට නියමිතය.
මෙම නිල ඇඳුම් තොගයේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් අවශ්‍ය නිල ඇඳුම් වර්ග හතරක් ඇතුළත් වෙයි. එම රෙදි තොගයේ සම්පූර්ණ දිග මීටර් මිලියන 3.01කි. මෙම රෙදි තොගය පෙට්ටි 37692ක අසුරා ඇති අතර එය කන්ටේනර් 20කට ඇසුරුම් කර තිබේ.



