චීනයේ මහජන විමුක්ති හමුදාව මගින් ශ්‍රි ලංකා ආරක්ෂක අංශ වෙත පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් අද දිනයේදී ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය.
මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලේය ආරක්ෂක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කර්නල් වැන් ඩොංග් මහතා විසින් ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා වෙත පරිත්‍යාග කරනු ලැබීය.
මෙම එන්නත් තොගය ලබා ගැනීමේ අවස්ථාවට ත්‍රිවිධ හමුදාපතිවරුන්ද පැමිණ සිටියේය.



