චීනයේ පරිත්‍යාගක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදුන් සිනෝෆාම් එන්නත ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් වෙත ලබාදී අවසන් කර තිබේ. ඒ අනුව පෙරේදා (05දා) හා ඊයේ (06දා) ශ්‍රී ලංකාවේ සේවය කරන හෝ පදිංචිව සිටින චීන ජාතිකයන් 2,456 දෙනෙකුට එන්නත් ලබාදී තිබේ.
කොළඹ, හම්බන්තොට, මහනුවර සහ පුත්තලම යන ප්‍රදේශවල සිටින චීන ජාතිකයන් වෙත මෙසේ එන්නත් ලබාදී තිබේ.
එන්නත ලබාගත් චීන ජාතිකයන්ට මෙතෙක් කිසිදු අහිතකර බලපෑමක් වාර්තා වී නොමැති බව තානාපති කාර්යාලය නිවේදනය කරයි. මෙම එන්නතේ දෙවැනි මාත්‍රාව තවත් සති තුනකින් ලබාදීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා විදේශ චීන සංගමය එක්ව ශ්‍රී ලංකා රජය, සෞඛ්‍ය අමාත්‍යාංශය, පළාත් පාලන ආයතන මේ සඳහා දැක්වූ කැපවිම අගය කරන බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.



