ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
වත්මන් රජයේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක සෞභාග්‍යා ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ ගෙවතු වගා සංග්‍රාමයට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සහ හිටපු නායක මේජර් දිනේෂ් චන්දිමාල් එක්වූහ. ඒ අද (04දා) දිනයේ ඔවුන්ගේ නිවෙස්වල පැළ රෝපණය කරමිනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් පවසා සිටියේ ගෙවතු වගා සංග්‍රාමයට ආරාධනා කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ස්තුති වන බවත් තමන් මෙම අභියෝගය සඳහා හිටපු නායක මේජර් දිනේෂ් චන්දිමාල්ට සහ හිටපු නායක මහේල ජයවර්ධනට ආරධනා කරන බවත් ය.
එය පිළිගනිමින් මේජර් දිනේෂ් චන්දිමාල් සිය නිවසේ පැළ රෝපණය කරමින් සෞභාග්‍යා ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ ගෙවතු වගා සංග්‍රාමයට එක්ව තිබුණි. චන්දිමාල් මෙම අභියෝගය හිටපු නායක කුමාර් සංගක්කාරට සහ සහ හිටපු නායක තිසර පෙරේරාට යොමු කර තිබුණේය.
popular news
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
ලංකාවේ වයස්ගතම යෝධ ඉබ්බාට හිස තෙල් ගායි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd