සෝලාස් මැරීන් ලංකා ආයතනය මගින් ශ්රී ලංකාවේ නිශ්පාදනය කරන ලද ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ නවීන යාත්රාවක් දියඹට මුදා හැරීම අද(10දා) සිදු කෙරිණි.
මෙම යාත්රාවේ පරීක්ෂණ චාරිකා වාරයක් සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතාද සහභාගි විය.
දේශීය නිශ්පාදකයෙකු වන සෝලාස් මැරීන් ලංකා ආයතනය මගින් නිශ්පාදනය කරන ලද මෙම අති නවීන ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ යාත්රාව දිග මීටර 17.91ක් සහ පළල මීටර 6.91 කි.
පැයට මුහුදු සැතපුම් 35ක වේගයෙන් යාත්රා කිරීමේ හැකියාවක් මෙම යාත්රාව සතුව පවතී. තවද ගිණි නිවීම සඳහා අති නවීන තාක්ෂණයෙන් යුත් අධි පීඩන වතුර විදිනයන් දෙකක්ද (02) මෙම යාත්රවේ ස්ථාපිත කර ඇති අතර, තවත් නවීන අංග උපාංගයන් රැසකින් මෙම යාත්රාව සමන්විත වේ.
මෙවැනි යාත්රා නිශ්පාදනය කර විදේශ රටවල් සඳහා අලෙවි කිරීමෙන් ඉතා ඉහළ ආර්ථික වාසි මෙරටට ලබා ගැනීමේ හැකියාවක් පවතින බව නාවික හමුදාව නිවේදනය කරයි.






