කොළඹ ප් දේශ කිහිපයකට මේ දිනවල ශ්‍රී පාදස්ථානය දර්ශනය වන අයුරු බොහෝ දෙනෙකු ඡායාරූප ගත කර තිබේ.
කොවිඩ් 19 හේතුවෙන් බොහෝ කර්මාන්ත ශාලා ක්‍රියාත්මක නොවිමත්, වාහන ගමනය සීමා වීමත් හේතුවෙන් පරිසර දූෂණය අඩුවී තිබේ.
මේ අනුව වාතයේ දූවිලි අංශු ප්‍රමාණය අඩුවී වායු ගුණාත්මක බවද ඉහළ ගොස් තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඒ බව සනාථ කර තිබේ.
වායු දූෂණය අඩුවීම හේතුවෙන් මෙසේ කොළඹට ශ්‍රී පාදස්ථානය දිස්වන බව බොහෝ දෙනෙකු සඳහන් කරයි.
කෙසේ වෙතත් තවත් පිරිසක් පවසන්නෙ මෙම කාලසීමාවේදී ඇතැම් අවස්ථාවලදී කොළඹට ශ්‍රී පාදස්ථානය දර්ශනය වන බවයි.




ඡායාරූප සමාජ මාධ්‍ය ඇසුරෙනි - එවායේ හිමිකම් ඡායාරූප ලබාගත් අය සතුවේ