කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පසුගියදා (20දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් නියෝජිත ඩී. සී මංජුනාත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
21 වැනි පොත් ප්‍රදර්ශනය ලෙස මෙවර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන අතර, දේශීය හා විදේශීය පොත් අලෙවිසැල් 417කින් සමන්විතය.
ඉන්දියාව, චීනය, මැලේසියාව, බිත්‍රාන්‍යය, සිංගප්පූරුව, ජපානය, ඉරානය ඇතුළු විදේශ රටවල් කිහිපයක් මෙවර පොත් ප්‍රදර්ශනයට සහභාගී වී ඇත.
පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති විජිත යාපා මහතා ඇතුළු පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සාමාජිකයන්ද, ආරාධිතයන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
කොළඹ පොත් ප්‍රදර්ශනය මේ මස 29දා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ.
ඡායාරූප - ඉසුරු පෙරේරා





