නිවාස අශ්‍රිතව ජනනය වන භාවිත කළ නොහැකි විද්‍යුත් උපකරණ භාර ගැනීමේ මධ්‍යස්ථානයක් හැව්ලොක් පාර උද්‍යාන පාර හන්දියේදී අද (07දා) කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරිණි.
මෙය මෙරට ප්‍රථම වතාවට ඉදිවූවක් වන අතර, කොළඹ මහා නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශය සහ බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සමග ක්ලින්ටෙක් ආයතනය හා එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම මධ්‍යස්ථානය වෙත සතියේ ඕනෑම දිනක උදෑසන 6.00 සිට පස්වරු 6.00 දක්වා භාවිතා කළ නොහැකි විද්‍යුත් මෙවලම් භාරදිය හැකිය.
ප්‍රියාන් ෂමික




