සිංගප්පූරු ධජය සහිතව ශ්‍රී ලංකාවේ කොළඹ බලා ධාවනය වූ බහාලුම් රැගත් නෞකාවක් අද උදෑසන බැල්ටිමෝර් හි යකඩ පාලමක ගැටීමෙන් විශාල හානියක් සිදුව තිබේ.
පාලමේ මධ්‍යම කොටසට යාත්‍රාව ගැටීමෙන් ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටෙන මොහොත වීඩියෝවලින්ද පෙනෙන්නට තිබේ.
පාලම කඩා වැටීමෙන් පුද්ගලයන් 9 දෙනෙක් ජලයට වැටී තිබුණ අතර එයින් දෙදෙනෙක් බේරා ගෙන තිබේ. අනෙක් පුද්ගලයන් සොයා සෙවීමේ කටයුතු සිදුවෙමින් පවතී.


