කොරෝනා වෛරසයෙන් ජනතාව බේරා දෙන ලෙස ඉල්ලා උතුරේ හින්දු ජනතාව විශේෂ දේව මෙහෙයන් පවත්වයි.
වව්නියාව , මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රීක්කයන්හි හින්දු කෝවිල් රැසක මෙලෙස විශේෂ දේව මෙහෙයන් පවත්වමින් දේව කන්නලව් සිදුකරයි.
දේව මෙහෙයන් සඳහා පිරිස් සහභාගී නොවී පූජකවරුන් ඇතුලු කිහිප දෙනෙකු විසින් සෞඛ්යාරක්ෂිත පියවර අනුගමනය කරමින් කොරෝනා වෛරසය තුරන් වේවායි මෙහිදී ප්‍රාර්ථනා කළේය.




