Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 24 වන ඉරිදා
2024 නොවැම්බර් මස 24 වන ඉරිදා
13 වැනි සියවසේ කුරුණෑගල රාජධානී සමයට අයත් කුරුණෑගල රාජසභා ශාලාව යැයි විශ්වාස කරන මෙන්ම වත්මන් බුවනෙක හෝටලය ලෙසන් සැළකෙන ඓතිහාසික බුවනෙක හෝටලය ජුලි 14 දා ඩෝසර් කර විනාශ කර තිබේ.
මේ පිළිබඳව විමර්ශනයක් පැවැත්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් විද්වත් පරීක්ෂණ කමිටුවක් පත්කර තිබේ. සාමාජිකයන් 5 දෙනෙකුගෙන් යුත් කමිටවේ සභාපති ලෙස පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පත්කර තිබේ.
සෙසු සාමාජිකයන් වන්නේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. රත්නායක මහතා, පුරාවිද්‍යාඥ ටී.ජී. කුලතුංග, සංස්කෘතික හා බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ පුරාවිද්‍යාඥ ප්‍රසාද් රණසිංහ හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට මහත්මියයි.
මෙම ගොඩනැගිල්ල 1940 අංක 40 දරණ පුරාවස්ත ආඥා පනත යටතේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්ථානයකි.
මෙහි වාර්තාව ජුලි මස 23 දාට පෙර ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබේ.
popular news
චමින්ද Saturday, 18 July 2020 06:41 AM
මෙවැනි ඓතිහාසික වටිනාදේ විනාශ කරන මුග්ධ මිනිසුන්ට බලයට ඒමට ඉඩදුන් පක්ෂ නායකයිනුත් මොවුන් බලයට පත්කිරීමට ඡන්දය දුන් මෝඩයනුත් මේවාට වගකිව යුතුය.
Reply : 0 1
nandasena Saturday, 18 July 2020 06:41 AM
විද්‍යාත්මක ස්ථාන අරක්ෂා කළ යුතු යුගයක එවන් වටිනාකමක් ඇති ස්ථාන කඩා විනාශ කරන්නේ කවරෙකුගේ බලපෑම මතද? අද වන විට මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අවස්ථාවක වත්මන් බුද්ධ ශාසන අමාත්‍ය හා සංස්කෘතික අමාත්‍යවරයාගේ මැතිවරණ දිස්ත්‍රික්කය තුල මෙවන් දෑ සිදු නොවිය යුතුය.. එසේම තමන්ගේ මැතිවරණ දිස්ත්‍රික්කය තුල සිදුවන මෙවන් වටිනා ඵෙතිහාසික ස්ථාන ආරක්ෂා කර ගැනීමට නොහැකි මැතිවරණ අපේක්ෂකයෙකු උතුරු ප්‍රදේශයේ මුහුදු මහා විහාරය, දෙවනගල හා කූරගල නටබුන් සංරක්ෂණය කරන්නේ කෙසේද ? යන්න සමස්ථ මහජනතාවටම ඇත්තේ සාධාරණ සැකයකි.
Reply : 0 0
nandasena Saturday, 18 July 2020 06:42 AM
ඓතිහාසික උරුමයන් අරක්ෂා කරන බවට මැතිවරණ වේදිකාවේ පොරොන්දු දෙමින් පසුගිය ජනාධිපතිවරණයේදි මැතිවරණ ප්රචාරක කටයුතු සිදු කර, ඊට හාත්පසින්ම විරුද්ධ මෙවන් දෑ සිදුකිරීම ජනතාව කිසිසේත්ම බලාපොරෙත්තු නොවේ. මේ හරහා වත්මන් රජයට ඡන්දය ලබා දුන් 69 ලක්ෂයක් වු ජනතාව පත්වන අපහසුතාවය මෙපමණයි කියාකිව නොහැකිය. ගරු ජනාධිපතිතුමනි, මෙම සිදුවීම පිටුපස සිට එයට බලපෑම් කරන දේශපාලන හස්තයන් ගැන සොයා ඊට කඩිනමින් මැදිහත්ව කටයුතු කරන ලෙස ඔබතුමන්ගෙන් ඉල්ලා සිටින අතර එම ස්ථානයේ ඓතිහාසිකත්වය සුරැකෙන ලෙස අනාගත පරපුර වෙනුවෙන් එම පුරාවිද්‍යාත්මක ගොඩනැගිල්ල නැවත ඒ ආකාරයෙන්ම ඉදි කරන ලෙස ද ඉල්ලා සිටිමි. එසේ නොකිරිමෙන් සිදු වන්නේ ඔබතුමා බලයට පත් කිරීමට කටයුතු කළ ජනතාවට කරන අගෞරවයකි, අපහාසයකි, අවඥාවට ලක්කිරීමකි.
Reply : 0 0
69 lakshen ekek Saturday, 18 July 2020 06:43 AM
වර්තමානයේ ජාතික උරුමයන් පිළිබඳ කැබිනට් ඇමැතිවරයා වන්නේ අගමැති මහින්ද රාජපක්ෂය. මේ ඛෙදවාචකයට ලක් වූ ඓතිහාසික පුරා විද්‍යා ගොඩනැගිල්ල පිහිටා තිබුනේ ද අගමැති මහින්ද රාජපක්ෂ ඡන්දය ඉල්ලන කුරුණෑගල වීමත්, එය බුල්ඩෝසර් කළ නරුමයන් සියළු දෙනා මහින්ද රාජපක්ෂගේ අංක එකේ ගෝලයන් වීමත්, අපරාධය සිදුකර දැන් දින 3 කට ආසන්න කාලයක් ගත වී නමුත් අපරාධ කරුවන් අත් අඩංගුවට ගැනීම වැළැක්වීමත් හේතුවෙන් මහින්ද රාජපක්ෂට මෙහි ඇති ඍජු වගකීමෙන් ගැලවීමක් නැත.
Reply : 0 0
Sadin Bayiyo Saturday, 18 July 2020 06:57 AM
Coppied from Youtube- මේක යහපාලන ආණ්ඩුවෙන් කලානම්... 1. ඉරාජ් බුවනෙකබාහු රජ්ජුරුවන්ගේ අන්තඃපුර බිසවක් විදිහට ඇඳගෙන ඇවිල්ලා ඔතන සති පූජාව කරලා.. 2. රතනයි, තුම්මුල්ලේ වීරවංසයි නොකා නොබී උපවාසෙන් මැරෙන්න වැටිලා.. 3. දුටුගැමුණු, ඩෑන් ,මහසෝන්නු කුරුණෑගල පාර වහලා කඩු පොලු මන්න අරගෙන ඇවිල්ලා.. 4. රාවනා බලෙයි, සිංහල රාවයයි, මාගල්කන්දෙයි හිරු එකට වැඩලා.. 5. 'අද දෙරණෙ' චතුරයි, ඩිල්කයි පොලොවෙ පස් කනවා.. 6.ජනනායක උන්නැහේ යූටියුබ් එකේ ලංකා සිතියමක කුරුණෑගල රවුම් කරලා. "ඔය දරුවො දන්නවද ? 7. "කුරුණෑගල සිංහල කාන්තාවො වඳ කරපු උන් තමයි මේක කැඩුවෙ" කියලා ජයසුමන ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා 8. " කොන්ද පණ තියන ආණ්ඩුවක් තිබ්බනං මෙහෙම වෙන්නෑ දෙයියනේ... පඹයො රජ වෙලා මගේ රට ඉවරයි... මාලිගාව කඩපු උන්ගෙ පපු කැවුත්ත කඩාගෙන කනවා යකෝ " කියලා ඩුබායි ඉඳන් සෙල්ෆි වීඩියෝ දාලා..
Reply : 0 1
Bayiya Saturday, 18 July 2020 06:59 AM
හැබැයි දැන් එහෙම නෑ.. රටට ජාතියට ආදරේ නායකයි ඉන්න හින්දා, අගමැතිතුමා කුරුණෑගල හින්දා රටේ මිනිස්සු විනයට ඉන්නවා. ඉස්සර වගේ නෑ... බුවනෙකබාහුගෙ රාජසභාව නැති උනාට ඉන්න රටක් තියනවනෙ.. රෙස්පෙක්ට් ස !
Reply : 0 0
ඉලේපෙරුම Saturday, 18 July 2020 06:23 PM
තොරතුරු හොයන්න කමිටු දැම්මට කමක් නෑ. නීතිය ක්‍රියාත්මක කරන්න කමිටු අවශ්‍ය නෑ. පුරාවිද්‍යා අණ පනත් යටතේ උසාවි දාලා රිමාන්ඩ් කරන්න පුළුවන්. එසේ නීතිය ක්‍රියාත්මක කළ බවට පූර්වාදර්ශ ඕනෑ තරම් තියනවා.
Reply : 0 0
Champa Saturday, 18 July 2020 07:08 PM
මෙතන අගමැතිතුමාව මිනිස්සුන්ගේ අප්‍රසාදයට ලක් කරන්න යටි කූට්ටු වැඩක් තියෙනවද කියල බලන්න වෙයි. ඒ මොකොද කිව්වා නම් කුරුණෑගල රාජ සභා මණ්ඩප පරිශ්‍රය කෞතුකාගාරයක් කරන්න කියලා අගමැතිතුමා උපදෙස් දීල තිබුනේ මේ ජූනි 28. ඊට පස්සේ යන්තම් සති දෙකක් යනකොට ජූලි 17 වෙනකොට තමයි මේ විදිහට මේ ඓතිහාසික භූමියේ පෞරාණික ගොඩනැගිල්ලක් කඩා දාල තියෙන්නේ. තමන්ගේ ආසනයේ මේ වගේ හානියක් වෙන බව අගමැතිතුමාට කවුරුවත් දැනුම් උන්නේ නැත්තේ ඇයි? කුරුණෑගල ඉන්නේ පොහොට්ටුවේ නගරාධිපතිවරයෙක්. ඔහු ඇයි අගමැතිතුමාට මේ බව කලින් දැනුම් දුන්නේ නැත්තේ? ඔහුට ඊට උඩින්ද ඕඩරේ ආවේ? රට ආරක්ෂා කරන්න කියල ආව පොහොට්ටුව ඇවිල්ල මාස ගානකින් මේ විදිහට ඓතිහාසික ස්ථාන විනාශ කරනව නම් චන්දෙන් පස්සේ මොනවා නොකරයිද? අගමැතිතුමා ඉස්සෙල්ල පොහොට්ටුවේ කුරුණෑගල නගරාධිපතිව ඉවත් කරන්න ඕනේ. ඊට පස්සේ රටම විරුද්ධ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාව ඉවත් කරන්න ඕනේ. එහෙම නැතුව නම් මිනිස්සුන්ගේ අප්‍රසාදය නැතිවෙන එකක් නැහැ.
Reply : 0 0
69 shapayi da? Monday, 20 July 2020 03:46 AM
koduru hathpattaya sewima
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd