මෛත්‍රි,මහින්ද,රනිල් ත්‍රිත්වය දියත් කර ඇති කුමන්ත්රණකාරී බලපොරයට එරෙහිව ජනතාව පෙළගස්වන බව ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් 'සැබෑ ජනබලයක් ගොඩනගමු' විරෝධතා රැලිය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ ඊයේ (01දා) පැවසූහ.
ජනතා විමුක්ති පෙරමුණ විසින් නුගේගොඩ නගරයේදී මෙම ජන රැලිය සංවිධානය කර තිබිණි. ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කරන එකම නියෝජිතයා ජනතා විමුක්ති පෙරමුණ පමණක් බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසීය.
මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට හෝ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයට ජවිපෙ මන්ත්‍රීවරුන් විකිණෙන්නේ නැති බවද ඒ මහතා සඳහන් කළේය.
මෛත්‍රි-මහින්ද පාර්ශ්වයට හෝ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයට ජනතාවට සහන ලබාදිය නොහැකි බවත්,එම දෙපාර්ශ්වය ජනතාව රවටමින් සිටින බවත් දිසානායක මහතා ප්‍රකාශ කළේය.
“පසුගිය සිකුරාදා සිදුවුනේ දේශපාලන කුමන්ත්‍රණයක්.මේ දේශපාලන කුමන්ත්‍රණ පරාජය කළ යුතුයි.නාටකය කුමක්ද ?අපේ රටේ ජනවරම,ප්රජාතන්ත්රවාදය,ව්‍යවස්ථාව,මහජන නියෝජිතයින් ,පාර්ලිමේන්තුව,ජනාධිපතිධූරය,අග්‍රමාත්‍යධූරය,දේශපාලන සදාචාරය මේ සියල්ල මහ උත්තුංග වාක්‍ය වැකි ලෙස තිබෙනවා.
මේ සංකල්ප,මේ ආයතන,මේ වගකීම් නිසි බරකින් යුතුව සමාජයේ ඇගයීමකට ලක්වී තිබුණා. මේ පාලකයින් හැමදාමත් තමන්ගේ කැත ශරිරය වසා ගැනිම සඳහා කසී සලු බවට මේ සංකල්ප උපයෝගි කරගත්තා. එහෙත් මේ දින කිහිපයේදී ඉතා හොදින් හැම කෙනාටම පෙන්නුම්කරමින් තිබෙනවා මේ සංකල්ප මේ ආයතන, මේ වගකීම් කසී සලුබවට අපට පෙන්වා තිබූ දේ පාංඩයක් තරම්වත් වටින්නෑ කියලා.
මහින්ද රාජපක්ෂ මහාතාට හඳපානේ එන්න කියලා මෛත්‍රිපාල මේසේ එහා පැත්තේ හිටගෙන මහින්ද රාජපක්ෂ මේ පැත්තේ හිටගෙන ආණ්ඩුවක් හැදුවා කියලා රටට කියනවා.මේක ප්‍රජාතන්ත්‍රවාදයද?එහෙම කොහොමද ආණ්ඩු හදන්නේ?සමහර අය කියනවා විදුරුවට විස්කි දාලා සැන්ඩි දානකොට ආණ්ඩුවක් හැදිලා කියලා.
තව අය කියනවා වැසිකිලියට ගිහින් කාමරයට එනකොට ආණ්ඩුවක් හැදිලා කියලා.නිමල් සිරිපාල මට කිව්වා මමත් එතන හිටියා මම ගෙදර එනකොට ආණ්ඩුවක් හදලා කියලා." යනුවෙන් පවසා සිටියේය.
ඡායාරූප-ඒශාන් ප්‍රනාන්දු























