දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සදහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අලුතින් නිර්මාණය කරන ලද කැලිප්සෝ දුම්රිය (08) දින උදෑසන 8.10 ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කරනු ලැබුවා.
නානුඔය සිට දෙමෝදර දක්වා එම දුම්රිය සෑම අගහරුවාදා දිනකම ගමන් ආරම්භ කරන අතර, එම දුම්රියෙන් ගමන් කරනා දෙස් විදෙස් සංචාරකයන්ට දුම්රිය මාර්ගයට දිස්වෙන සුන්දර දියඇලි ඇතුලු ආකර්ෂණිය ස්ථාන දැකබලා ගෙන ඡායාරූප ගැනීමට පහසුවන පිරිදි එම දුම්රිය මැදිරි සකස්කර ඇති අතර, එක් මැදිරියක් වහළක් නොමැතිව විවෘතව පවති.
එම දුම්රියේ විශේෂ භොජනාගාරයකින්ද සමන්විතවන අතර එම දුම්රියෙන් නානුඔය සිට දෙමෝදර දක්වා ගමන් කරනා එක් සංචාරකයෙකුගෙන් රු.10000 /= මුදලක් අය කරනු ලබයි.
දෙමෝදර දක්වා ධාවනය වන එම දුම්රිය යලිත් බණ්ඩාරවෙල දක්වා ධාවනය කර පසුව දෙමෝදර සිට බදුල්ල දක්වා එම දුම්රිය ධාවනය කරන බවත්, මෙවැනිම තවත් කැලිප්සෝ දුම්රියක් ධාවනයට එක් කිරිමට සැලසුම්කර ඇති බවයි එම දුම්රිය ගමනට එක් වූ අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි ජී.එස්. පොල්වත්ත මහතා කියා සිටියේ.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සදහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මේ වන විට දුම්රිය ගණනක් ධාවනයට එක් කර ඇති බව පැවසූ අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ එළබෙන උත්සව සමයේ දුම්රිය මගීන්ට ගමන් කිරිම සදහා අතිරේක දුම්රිය ගණනාවක් ධාවනයට එක් කර ඇති බවයි.




