ADA
www.ada.lk
2025 ජනවාරි මස 20 වන සඳුදා
පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර වෙළඳ හා ආයෝජන කටයුතු සමඟ ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය ඉහළ පෙළේ නියෝජිත පිරිස සමඟ 2021.02.23 වන දින ශ්‍රී ලංකාවට පැමිණියේය.
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාපක්ෂ හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරු විසින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා වෙත දිවා භෝජන සංග්‍රහයක් අද (24) දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී සංවිධානය කරනු ලැබීය.
පාකිස්තාන අගමැතිතුමාගේ දෙදින නිල සංචාරය සදහා මෙරටට පැමිණි ප්‍රභූවරුන් ද සහභාගී වූ මෙම දිවා භෝජන සංග්‍රහයට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන්, හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්, මෙන්ම ක්‍රීඩා ක්ෂේත්රයේ පිරිසක්ද විශේෂයෙන් එක් විය.පාකිස්තාන අගමැතිතුමා සමග සමකාලීන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කීප දෙනෙක්ද සහභාගී වූහ.
මෙම අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පාකිස්තාන අගමැතිවරයා වෙත යෝජිත ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානය (කිරිමණ්ඩල මාවතේ ගොඩනැගීමට නියමිත) පිළිබද අවධානය යොමු කළ අතර, ඊට අමතරව ක්‍රීඩා දත්ත විශ්ලේෂක කේන්ද්‍රය සහ ක්‍රීඩා විද්‍යා පර්යේෂණාගාරය පිළිබදව දැනුවත් කිරීම ද සිදු කරනු ලැබීය. මේ තුලින් කලාපීය ක්‍රීඩකයින්ගේ උසස් දක්ෂතා ගොඩ නැගීම පිළිබදව අදහස් දැක්වූ අමාත්‍යවරයා එහි සාර්ථකත්වයේ වැදගත්කම අවධාරණය කළේය.
පෙබරවාරි 23 වන දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවති සාකච්ඡාවේදී ක්‍රීඩා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සදහා පාකිස්තානු රුපියල් මිලියන 52 ක මුදලක් ලබා දීමටත්, ඉදිරියේදී වැඩි වශයෙන් ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා විසින් සහතික විය.
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
මධ්‍යම පළාතේ ළමුන් 30ට අඩු පාසල් 283ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd