කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ ඊයේ (13දා) ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් පසුව එම තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගණය පිරිසුදු කර එම ස්ථානයෙන් නික්ම ගියේය.
මෙම ක්‍රියාව ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පල්ලෙකැලේ පිටියේ පැවැති තෙවැනි එක්දින තරගයෙන් පසුව ආරම්භ විය. එය සිවුවැනි එක්දින තරගයේදීත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය.


