කළාඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමග පුත්තලම පැරණි මන්නාරම මාර්ගය තාවකාලිකව වසා දැමිමට තීරණය කළ බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකයේ සහකාර අධ්යක්ෂ ඒ.එම් ආර්. අලහකොන් මහතා පවසයි .
මෙසේ වසා දමා ඇත්තේ පුත්තලම පරණ මන්නාරම මාර්ගය මැදින් පිහිටි විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ එළුවන්කුලම පිවිසුම ආසන්නයේ පිහිටි පරණ එළුවන්කුලම ක්රෝස්වේ ප්‍රදේශයේදි බව කියයි.
පුත්තලම හිරාන් ප්‍රියංකර



