නීති විරෝධී ලෙසින් ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කොට,කල්පිටිය අම්මාතෝට්ටම කළපු තීරයේ සගවා තබා තිබිය දී, පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රවය ඒකකය මගින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් කහ කිලෝ 1380 කුත් ග්‍රෑම් 500 ක්,අද (7දා) දින කල්පිටිය උසාවි භූමියේ දී ගිනි තබා මුලුමණින්ම විනාශ කළේය.
මෙම ගිනි තැබූ කහ තොගයේ වත්මන් වෙළද පොළ වටිනාකම රුපියල් ලක්ෂ අනූ හයක් පමණ වේ.
කල්පිටිය කුමාරී කොට්ටහච්චි






