කතරගම පුදබිමට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ප්‍රමාණය වැඩි වී ඇති බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳන් කළේය.
මෙසේ පිටරටින් පැමිණෙන සංචාරකයන් වැඩි දෙනකු මැණික් ගඟ මැදින් ඉදි කළ රන් පා දෝවන මාර්ග නැරඹීමට මෙන්ම ඒම ස්ථානයේ සිට ඡායාරූප ගැනීමට දැඩි ප්‍රියතාවයක් දක්වන බව සංචාරක මග පෙන්වා දෙන පිරිස් සදහන් කරයි.
බොහෝ සංචාරකයන් ලංකික බැතිමතුන් මෙන් බුදුන් වැදිම. පිරිකර පුජා කිරීමට පියවර ගැනීම විශේෂයකිි.ඇතැම් සංචාරකයන් ස්කන්ධ කුමරුන්ට පුජා වට්ට් තබා දේව ආශීර්වාද ලබා ගැනීමටද හුරුවිි ඇත.
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කලේ කතරගම දෙවියන් යනු සියලු ජාතින්ට අයත් දෙවි කෙනෙකු ලෙස ලෝකයේ රටවල් වලට අයත් ජනතාව අදහන මෙන්ම ලොව ඇති එකම සර්ව ආගමික කෙන්ද්‍රස්ථානය වන බැවින් කතරගම ට පැමිණෙන විදෙස් සංචාරකයන් වෙනුවෙන් විශේෂ පහසුකම් ලබා දිමට කටයුතු කර ඇති බවයි.
ඒසේම කතරගම ඉතිහාසය සම්බන්ධයෙන් ඉංග්‍රීසි, ජර්මන්, ඉතාලි වැනි භාෂාවෙන් තෙරතුරැ ලබා දිි දේශිිිය ලෙස සංග්රයන් ලබා දිිමට පියවර ගැනීමට ඉදිරියේ ක්‍රියා කරන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේය.
ලංකිය බැතිමතුන් පුදබිමට නෙගැලපෙන ලෙස නුසුදුසු ඇදුමින් පැමිණියද විදෙස් සංචාරකයන් සුදුවතින් පැමිණිමද තවත් විෂේෂයකි.




