එකම මාර්ගයක පොලිස් බල ප්‍රදේශ තුනක පැය හයකදී සිදුවූ රිය අනතුරු තුනකින් පුද්ගලයන් හය දෙනෙකු මියගොස් හතර දෙනකු තුවාල ලබා රෝහල්ගත කොට තිබේ.
මෙම අනතුරු තුන දඹුල්ල ,බකමුණ හා නාවුල යන පොලිස් බල ප්‍රදේශ වලදී වා ර් තා වූ අතර එක අනතුරකින් දෙන්නා බැගින් මියගොස් තිබේ.
පළමු අනතුර දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ රිදීඇල්ල අගුණවැල්පැලැස්ස හමුදා කඳවුර ඉදිරිපිට 10 දින පස්වරුවේ ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කුබුක් ගස් දෙකක ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ ගොස් ඇත්තේ බකමූණ ප්‍රදේශයේ පදිංචි ජේ .කේ . බන්දුල රණතුංග 71 හැවිරිදි සහ එන්.පී නිහාල් වයස 51 අයෙකු බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
දෙවන අනතුර බකමූණ පොලිස් බල ප්‍ර දේශයේ ඇළහැර අලිකන්දවත්ත ප්‍ර දේශයේ 11 දින අළුයම එකයි තිහට පමණ මෝටර් රථයක් ඇළහැර යෝධ ඇළට පෙරළීමෙන් එහි ගමන් ගත් කාන්තාවක් සහ පිරිමි අයෙකු මියගොස් තවත් තරුණියක් බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව බකමූණ පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ප්‍රකට පරිසරවේදියෙකු වන තිලක් කන්දේගම මහතාගේ බිරිඳ සහ ඔහුගේ ගොවිපලයේ අධ්‍යාපනය සඳහා පැමිණ සිටි සිසුවෙකු මෙන්ම ඔහුගේ ඉංජිනේරු දියණිය තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
තුන්වන අනතුර මොරගහකන්ද නාවුල ප්‍රධාන මාර්ගයේ මොරගහකන්ද ජලාශය ආසන්නයේ 11 දින අලුයම කුඩා ලොරි රථයක් තවත් ලොරි රථයක ගැටීමෙන් අඹුසැමි යුවළක් මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව නාඋල පොලිසිය සඳහන් කළේය
මෙසේ මියගොස් ඇත්තේ හිඟුරක්ගොඩ පදිංචි ජෙ .කේ. නිශාන්ත නමැති හතළිස් හත් හැවිරිදි අයෙක් සහ ඔහුගේ බිරිඳ ආර් .එම් .සංජීවනී දිල්රුක්ෂි හතළිස් එක හැවිරිදි අයකු බවත් තුවාල ලැබුවන් අතර මියගිය දෙදෙනාගේ දියණියද වන බව නාවූල පොලිසිය කියයි.



