මෙවර ඩුබායි හ ඕමාන්හි පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය නිපදවු මාස් හෝල්ඩින්ග්ස් සමාගම එය නිර්මාණය කිරීමට ඉවතලන ප්ලාස්ටික් බෝතල් යොදාගෙන තිබේ.
පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් දූෂණ චක්‍රය බිඳ දැමීමේ අරමුණින් මෙම වැඩසටහන මාස් හෝල්ඩින්ග්ස් සමාගම සැලසුම් කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිඩා ඇඳුම් නිර්මාණය කිරීමේ ප්‍රමිත අනුව නිර්මාණය කර ඇති මෙම ජර්සිය හරහා එය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අදින සෑම අවස්ථාවකදීම පරිසරය ආරක්ෂා කිරිමේ පණිවිඩයක් සමාජයට දෙන බව මාස් හෝල්ඩින්ග්ස් සමාගම පවසයි.
219 වසරේදි පැවැති ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම භාවිත කළ ජර්සිය නිර්මාණය කරනු ලැබුවේද ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් යොදාගනිමිනි.




