කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් දොරටු දෙවන වතාවටත් අද දිනයේත් (31දා) විවෘත කල බව කිලිනොච්චිය දිස්ත්රීක් වාරිමාර්ග නිලධාරී කාර්යාලය පැවසීය.
ඉරණමඩු ජලාශයේ ජල මට්ටම අඩි 36 ක් දක්වා මේ වන විට වැඩි වී ඇති හෙයින් ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 4 ක් අඩි 6 බැගින් එසවීම කිලිනොච්චිය දිසාපතිනිය රූපවතී කේදීස්වරන් මහත්මියගේ ප්රධානත්වයෙන් පළමු හා දෙවන වරටත් සිදු විය.
කිලිනොච්චිය දිස්ත්රීක්කයට පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට කිලිනොච්චිය සියලුම වැව් වාන් දැමීම ආරම්භ කොට ඇති හෙයින් පහළ බිම් වල ජීවත් වන ජනතාවට අවධානමින් සිටින ලෙසටද වාරිමාර්ග නිලධාරීන් අනතුරු අඟවා ඇත.


