ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (2025 පෙබරවාරි 16) කොළඹ වරායට පැමිණි අතර, ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කෙරිණි.
මෙලෙස කොළඹ වරායට පැමිණි Multirole Light Frigate වර්ගයට අයත් ‘KRI BUNG TOMO - 357’ යුද නෞකාව, දිගින් මීටර් 95ක් හා නැව්මුළුව 111ක ගෙන් සමන්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Captain (N) DEDI GUNAWAN WIDYATMOKO කටයුතු කරනු ලබයි.
තවද, මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව කොළඹ ප්රදේශයේ සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමටද නියමිතව ඇති අතර, සුහද සංචාරයෙන් අනතුරුව ‘KRI BUNG TOMO - 357’ නෞකාව 2025 පෙබරවාරි මස 17 වැනි දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.


