හදිසියේ අභාප්‍රාප්ත වූ ලංකා කම්කරු කොංග්රස් නායක හා අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (30) පෙරවරුවේ වැවන්ඩන් නිවස වෙත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පැමිණියේය.
අද පෙරවරුවේ දේහයට හින්දු චාරිත්‍රාණුකුලව ආගමික වත්වත් සිදු කිරීමෙන් අනතුරුව දේහය රැගත් විශේෂ රිය සීමිත පරිවාර වාහන ප්‍රමාණයකින් සමන්විතව කොත්මලේ, වැවන්ඩන් නිවසින් පිටත්වී නුවරඑළිය, නානුඔය, තලවාකැලේ යන නගර හරහා කොටගල ලංකා කම්කරු කොංග්රස් මූලස්ථානය වෙත රැගෙන යාම පෙරවරු 10.30 ට ආරම්භ කෙරිණි.
පවතින කොරෝනා නීති රීති වලට යටත්ව කිසිදු ස්ථානයක දේහය රැගත් රිය නතර නොකර ගමන් කිරීමට අවමංගල්‍ය කමිටුව තීරණය කර තිබුණි.
හැටන් රංජිත් රාජපක්ෂ/ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක/චන්දන ජයවීර






