කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් අද (ජූලි 26) දිනයේදි එන්නත්කරණ වැඩසටහන් සඳහා තම දායකත්වය ලබා දුන්හ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කල ඉල්ලීමකට අනූව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුද්ධ හමුදා භටපිරිස් විසින් මේ සදහා දායකත්වය ලබා දෙති.
අද දින (ජූලි 26) අවිස්සාවේල්ල සීතාවක නිදහස් වෙළඳ කලාපයේ ආයෝජන ප්‍රවර්ධන ඇඟලුම් කර්මනාතශාලාවන්හි යුද හමුදා එන්නත්කරණ මධ්‍යස්ථානය වෙතින් එහි සේවක සේවිකාවන් සඳහා මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී





