මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (30දා) නිකිණි පොහෝ දින වීදි සංචාරය ආරම්භ කෙරිණි.
අද රාත්‍රී 07.03ට යෙදුන සුබ මුහුර්තියෙන් උතුරු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදියෙන් පහළටවිත් යටිනුවර වීදියට පැමිණ කන්දේ වීදියෙන් ඩී.එස්. සේනානායක වීදියට පැමිණ රජ වීදියෙන් ඉහළටවිත් පෙරහර ගෙවැදීමට නියමිතය.
අවසාන රන්දෝලි මහා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවීමේ භාග්‍ය ය උදා වූයේ මහා කතරගම වාසනා හස්තියාටය.
වාසනා හස්තියා ගේ පරිවාර ඇත්තු ලෙස දළදා මාලිගාවේ ඇත් පන්තියේ සිංහ රාජා හස්තියා සහ කැලණිය රජ මහා විහාරයේ කණ්ඩුල හස්තියා ගමන් කළහ.



