මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහැර ඊයේ (22) රාත්රී 6.44 ට යෙදුන සුබ මුහුර්තියෙන් නැදුන්ගමුවේ රාජා හස්තියා ඓතිහාසික දළදා මාලිගාවේ ප්රධාන වාහල්කඩ ඉදිරියේ ඇති සඳගල මත පා තබනවත් සමග විදි සංචාරය කිරීම ආරම්භ කෙරුණි.
නැදුන්ගමුවේ රාජා හස්තියාගේ පරිවාර ඇතුන් ලෙස දළදා මාලිගාවේ ඇත් පන්තියේ ඉන්දිරාජා සහ රුහුණු කතරගම මහා දේවාලයේ වාසනා හස්තියා ගමන් කළේය .
මෙවර පෙරහැරද මහජනතාවට විවෘතව නොතිබූ බැවින් බැහැර ගමන් මාර්ගය පාළු ස්වභාවයක් ගත් අයුරු දක්නට ලැබුණි.






ෂේන් සෙනෙවිරත්න