හෙළයේ මහා ගොවි පිළිවෙත 52 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්විණි.
සාම්ප්‍රදායිකව වාර්ෂික මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නේ නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ උත්කර්ෂවත් මංගල්‍යය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කර තිබුණි.
ජය ශ්‍රී මහා බෝ සමිඳු ලක්දිවට වැඩමවීමත් සමඟ ඇරඹුණ බවට සැලකෙන අලුත් සහල් මංගල්‍යය පෙරහැර හෙළ චාරිත්‍රානුකූලව මගුල් බෙර, හේවිසි නද හා හෙළ සංස්කෘතිකාංග මධ්‍යයේ නැගෙනහිර වාහල්කඩින් ඇතුථ වී ශ්‍රී මහා බෝ සමිඳුන් පැදකුණු කොට පැමිණ වැලි මළුවේ උඩු වියනකින් හා පාවඩින් සරසන ලද විශේෂ පීඨිකාවේ තැන්පත් කර ඇති රන් ආලේපිත පාත්‍රයට සහල් පිරවීම ආරම්භ කෙරිණි.
ප්‍රථම සහල් මිට අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ හා කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා ඇතුළු මැති ඇමතිවරුන් හා ප්‍රධාන ගොවි මහත්වරුන් විසින් පාත්‍රයට එක් කරන ලදී.
සෙත් පිරිත් සජ්ජායනා මැද පාත්‍රය පිරෙන තුරු සහල් පිරවීම දිවයිනේ සතර දෙසින් පැමිණි ගොවි ගෙවිලියෝ සිදු කළහ. අනතුරුව අලුත් සහල් මංගල්‍යයට සහභාගී වූ ජනාධිපති , අගමැති ප්රමුඛ ආරාධිතයන් පාත්‍රය සහලින් පිරවීමට එක් වූහ.
පෙර රජ දවස සිට පැවත එන මෙම චාරිත්‍රය සඳහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටී අතර කලට වැසි වසිත්වා - කෙත්වතු සාරවත් වේවායි ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති වේවා යැයි පතමින් රටට ජාතියට සෙත් පැතීමත් මෙහි දී සිදු කෙරිණි.
සාම්ප්‍රදායිකව ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වෙත පූජා කරන මී පැණි බඳුන ආදිවාසි නායක වන්නිල ඇත්තන් විසින් ජනාධිපති වෙත පිළිගන්වන ලදී.
දිවයිනේ පළාත් නවය ආවරණය වන පරිදි එම ප්‍රදේශවලට ආවේණික වූ දේශීය සහල් වී වර්ග ගොවීන් වෙත බෙදාදීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.






