වවුනියාව,සෙට්ටිකුලම ප්රදේශයේ වගා ළිඳකට වැටුණු වනඅලි හතරදෙනකු බේරා ගැනීමට ඊයේ (27) සවස වවුනියාව වනජිවි නිළධාරීන් පියවර ගනු ලැබීය.
වවුනියාව වනජිවි නිළධාරීන් පැවසූවේ විශාල අලි දෙදෙනෙකු හා අලි පැටවුන් දෙදෙනෙකු ළිඳකට වැටී ඇති බවට ලද තොරතුරක් මත අදා ප්රදේශයට ගොස් එම වනඅලින් බේරා ගැනීමට හැකිවු බවයි.
බැකෝ යන්ත්රයකින් ළිඳේ කොටසක් කපා අලි ගොඩ ගැනීමට කටයුතු කළ බවද වනජිවි නිළධාරීන් සඳහන් කළේය. වනජිවි නිළධාරීන් පැවසූවේ ආහාර සොයා පැමිණි අලි රංචුව 26 වැනිදා රාත්රියේ වගා ළිඳට වැටෙන්නට ඇති බවට සැක කරන බවයි.
ගවයින් බැලීමට ගිය පිරිසක් පළමුව අලි රංචුව ළිඳට වැටී ඇති බව දැක වව්නියාව වනජිවි නිළධාරීන් දැනුවත් කොට තිබිණ.



