තුවා, ඇඳ ඇතිරිලි හා ජර්සි තුළට රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගෙන කොකේන් නැමැති විෂ මත්ද්‍රව්‍ය කාවද්දවා ශ්‍රී ලංකාවට ගෙන ආ බොලීවියානු ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
තුවා 3ක, ඇඳ ඇතිරිලි 2 ක හා ජර්සි 2ක තිබූ කොකේන් වල බර කිලෝ ග්‍රෑම් 11.300ක් බව පොලීසිය පවසයි.
සැකකරු පසුගිය 18 දා අත්අඩංගුවට පත්ව ඇත. ඩුබායි සිට ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ගමන් මල්ලේ ශුක්ෂම ලෙස මෙම කොකෙන් කා වැද්දවූ රෙදි අසුරා තිබී ඇත.
34 හැවැරිදි සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 දා දක්වා දින 7ක කාලයක් රඳවා තබාගැනීමට පොලීසියට අවසර ලැබී ඇත.


