මාස හයකට පසුව ගල් අගුරු රැගත් නැවක් නොරෝච්චෝල ඉලන්තඩිය මුහුදු තිරයට පැමින ඇති බවත් මේ වන විට නැවේ සිට ලක්විජය බලාගාරයට බත්තල් මගින් රැගෙන එමින් පවතින බව විදුලි බල මණ්ඩල ප්‍රධානියෙකු අද (26දා) පැවසිය.
පසුගිය අප්‍රේල් මාසයෙ 20 දින ගල් අගුරු රැගත් නැවක් අවසන් වරට පැමින තිබු අතර මාස හයකට පසුව පැමිණි පළමු නැව මෙය බව කියයි.
25 දින පැමිණ තිබු මෙම නෞකාවේ ගල් අගුරු මෙට්‍රික් ටොන් 63000 රැගෙන විත් ඇති අතර ඉලන්තඩිය මුහුදු තිරයෙ නැංගුරම්ලා ඇති නැවෙන් මේ වන විට බත්තල් වෙත ගල් අගුරු පුරවා බලාගාර පරිශ්‍රය වෙත රැගෙන එමින් පවතින බවත් කියයි.
කෙසේ නමුත් මෙම ගල් අගුරු තොගය දින හතකට ආසන්න කාලයක් විදුලිය නිශ්පාදනයට ප්‍රමාණවත් බව ලක්විජය බලාගාර ආරංචි මාර්ග පවසයි.





