පානදුර දුම්රිය ස්ථානයේ ඊයේ (06) දුම්රිය බළධාරින් සහ මගීන් අතර ඇතිවූ නොසන්සුන්කාරී තාවයක් හේතුවෙන් ප්රවේශපත් කවුළු පහම වසාදමා තිබූනි.
දුම්රියන් නිසිපරිදි ධාවනය නොවීම හේතුවෙන් උරණවූ මඟින් ප්රවේශපත්ර කාමරයේ සහ ගබඩා කාමර තුලට කඩාවැදී එහි තිබූ, බඩු බාහිරාදිය පෙරලා දමා ඇති බැවින්, දුම්රිය කාර්ය මණ්ඩලය ප්රවේශ පත්ර කවුළු වසා දමා ඉන් පිටව ගොස් ඇතැයි දුම්රිය ආරක්ෂක නිලධාරීයෙක් පැවසීය .
සිද්ධිය සැලවූ සැනින් ස්ථානයට පැමිණි පානදුර දකුණ පොලිස් නිලධාරීන් ප්රවේශ පත්ර අලෙවියෙන් ලද මුදල් සහ වටිනා ලියකියවිලි ආරක්ෂිත කාමරයකට රැගෙන ගොස් සේප්පුවල බහා තිබූ බව පානදුර දකුණ පොලිසිය පවසයි.
ඒ හේතුවෙන් මගින්ට ප්රවේශපත් ලබාගැනීමට නොහැකිවිය.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බොහෝමයක් දුම්රියන් අද (06දා) අවලංගු කර තිබූ අතර, මගීන් දුම්රිය එන්ජිමේ සහ පා පුවරු වල අනාරක්ෂිත ලෙස ගමන් කරන අයුරු දැකගත හැකි විය.
පානදුර සුමිත් පොතුපිටිය


