පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කරන ලෙසත් පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් හෙළි කරන ලෙසත් ශ්‍රී ලංකා රජයට බලකරමින් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඉතාලියේ බොලොඤ්ඤා නුවරදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
ඉතාලියේ පැවැත්වෙන G 20 අන්තර් ආගමික ජාත්‍යන්තර සමුළුවට සහභාගිවීමට පැමිණ සිටින ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු රජයේ නියෝජිතයන් බොලොඤ්ඤා නගරයට පැමිණි ඇති අවස්ථාවක මෙම සාමකාමී විරෝධය සංවිධානය කර තිබුණි.
මෙම විරෝධතාව සඳහා කතෝලික පියතුමන්ලා ඇතුලු යුරෝපායේ රටවල හා ඉතාලියේ විවිධ නගර වල ජිවත් වන ලාංකිකයන් රැසක් එක්ව සිටි අතර කලු කොඩි විවිධ සටන් පාථ ඉල්ලිම්ම් පුවරු නිරුපණය කරමින් විරෝධතාව පැවැත්විණ.
මෙම විරෝධතාව පැවති ස්ථානයේ සිට මීටර් 200 ක් දුරින් ශ්‍රී ලංකා අගමැතිවරයා නවාතැන් ගෙන සිටි හෝටලය පිහිටා තිබිණි.



