වසර 5000 කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ‘අංගම්පොර’ ආදීවාසී ශ්‍රී ලාංකීක සටන් කලාව අඛණ්ඩව පුනර්ජීවනය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයට යාබදව පිහිටි ඉරානමඩු වැව් බැම්ම අසළ ස්ථාපිත කරන ලද ‘අංගම්පොර’ සටන් කලා ගම්මානය ඉකුත් සිකුරාදා (26) චාරිත්‍රානුකූලව විවෘත කරන ලදී.
ශ්‍රී ලංකාවේ පළමු ‘අංගම්පොර’ සටන් කලා ගම්මානය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් විවෘත කරනු ලැබීය.
සාම්ප්‍රදායික ආයුධ වන එතුනු කඩු, කඩු, යුධ පොරවවල්, කිනිසි හා අත්මුගුරු සමඟ ඒකාබද්ධව කරන සුවිශේෂී අත්-සටන්වලින් සමන්විත ‘අංගම්පොර රණශූරයන් සමඟ දිනක් ගත කළ හැකි’ සහ අනාගතයේ දී ඔවුන්ගේ දෛනික පුහුණුව පිළිබඳව හුරුපුරුදු විය හැකි සියලු අපේක්ෂකයින් සඳහා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස මෙම ‘අංගම්පොර’ ගම්මානය පවත්වාගෙන යා හැකි බව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය පැවසීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සැපමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමරුඵලකය නිරාවරණය කර ‘අංගම්පොර’ සටන් කලා ගම්මානය විවෘත කිරීමෙන් අනතුරුව අලංකාරවත් ‘උරගවලක’ සටන් සංදර්ශනයක් නැරඹීය. තවද, අංගම්පොර සටන්කරුවන් විසින් ‘රවණා තාන්ඩව’ පිළිබඳ ප්රශංසාත්මක ගීතිකා ගායනා කිරීමෙන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟින් පුරාවිද්‍යා චක්‍රවර්ති විමලසාර ස්වාමින් වහන්සේ, මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් අංගම්පොර සටන් කලා ගම්මානය නිරීක්ෂණය කරනු ලැබීය.
‘අංගම්පොර’ සටන් කලාව දේශීය ආත්මාරක්ෂක සටන් කලාවක් ලෙස ඉපැරණි ශ්‍රී ලාංකීක රාජකීයයන් භාවිතා කල අතර නිල සටන් කලාව, මායා අංගම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, වෙදහෙදකම්, භාවනා ක්‍රම, නක්ෂත්රය ඇතුළු ලක්ෂණ රැසකින් ද මෙම සටන් කලාව සමන්විත වේ.
විදේශිකයන් රට ආක්‍රමණය කල සෑම අවස්ථාවකදීම අංගම්පොර ශිල්පීන් විසින් විදේශිය හමුදාව වෙත නොසිතුවිරු අයුරින් ප්රහාරයන් එල්ල කරමින් විදේශිය හමුදා ශක්තිය විනාශ කර ඇති අතර භීතියට පත්වූ විදේශිය ආක්‍රමණිකයන් පසුකාලීනව ‘අංගම්පොර’ සටන් කලාව අප රට තුළ භාවිතය තහනම් කර ඇත.



















