හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ පියා වන ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ පිළිරුව යළිත් සකස් විවෘත කර තිබේ. තංගල්ලේ, කාල්ටන්හි පැවැති මෙම පිළිරුව පසුගිය මැයි 9 දා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මත බිමට කඩා දැමීමට පිරිසක් කටයුතු කළේය.
කෙසේ වෙතත් ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 55 වැනි ගණ සැමරුමට සමගාමීව එම පිළිරුව යළි සකසා තිබේ. අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ මෙම ගුණ සැමරුම පවත්වා තිබේ. ඒ සඳහා රාජපක්ෂ පවුලේ දේශපාඥයන් ඇතුළු පිරිසක් එක්වූහ.




