පසුගිය ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට නීතිය ක්‍රියාත්මක කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ තවත් නිලධාරීන් දෙදෙනෙකු රටින් පැන යාමට සැලසුම් කර තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යාපාරය සංවර්ධන කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
මේ පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළ බවත්, මෙම දෙදෙනා පවුල් පිටින් රටින් පැන යාමට සැලසුම් කර තිබෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
පසුගිය ආණ්ඩුවට උවමනා ආකාරයට නීතිය ක්‍රියාත්මක කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ නිලධාරියෙකු මේ වන විට රටින් පැනගොස් තිබෙන බවද, ඒ සඳහා පසුගිය ආණ්ඩුව සහය ලබාදී තිබෙන බවද ඔහු කියා සිටියේය.
අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට සහභාගී වෙමින් අද (25දා) ඔහු මේ බව සඳහන් කළේය.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ



