ඉදිරි ජනපතිවරණයේදී ජාතික හෙළ උරුමයේ සහාය පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දෙන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. කෝට්ටේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
මේ අතර පතිරූප දේශයක් උදෙසා වන ජාතික හෙළ උරුමයේ ප්‍රතිපත්ති මාලාවට හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත අනුනාහිමියන් සහ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කළ බව ජාතික හෙළ උරුමය නිවේදනය කරයි.
ඊයේ (01දා) මධ්‍යහ්න 12.45 ට යෙදුණු සුබ මොහොතින් මෙම ගිවිසුමට එළඹි බව ජාතික හෙළ උරුමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඡායාරූප ඉසුරු පෙරේරා/ ක්‍රිෂාන් රණසිංහ