ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් සහ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19දා) දිනයේදී වඩාත් කතාබහට ලක් වූ චරිතය විය. මහලේකම්වරයා වර්තමාන රජයේ අග්‍රාමාත්‍ය තනතුර ඉල්ලා දැඩි ස්ථාවරයක් ගෙන ඇති බවද ඊයේ වාර්තා විය. මේ අතර ඔහු විපක්ෂයේ පෙදු අපෙක්ෂකයා ලෙස පෙනී සිටීමට සූදානම් බවටද තොරතුරු වාර්තා විය.
තවත් අන්තයකින් ඔහුට ඉදිරි ජනපතිවරණ ඡන්ද සටනේ මැතිවරණ ප්‍රචාරණ සභාපති තනතුර භාදී ඇති බවටද තොරතුරු වාර්තාවිය.
ඒ අතරතුර ඊයේ පෙරවරුවේ ජනාධිපතිවරයාගේ උපන්දිනය වෙනුවෙන් අරලියගහ මැදුරේ පැවැති දානමය පුණ්‍යකර්මයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා භක්තිමත් උපාසකයෙකු ලෙස සධාතුක කරඬුව වැඩම කරවන අයුරුද දැකගත හැකි විය.
ඡායාරූප ජනපති මාධ්‍ය අංශය