ADA
www.ada.lk
2025 මාර්තු මස 01 වන සෙනසුරාදා
අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය විසින් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අද (27දා) පැවැත්වූ උද්ඝෝෂණයේදී විශ්වවිද්‍යාලයීය සිසුහු පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්රුන්ගේ අනුරූවලට ගිනි තැබූහ.
පොලීසිය විසින් උද්ඝෝෂණය පැවැත්වූ ස්ථානය පොලිතීන් පටි යොදා සීමා ලකුණු කිරීමට කටයුතු කළ අතර මෙහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියන් සඳහන් කළේ පෙළපාළියක් ගමන් නොකරන බවත්,උද්ඝෝෂණය අවසානයේදී පිරිස විසිර යන බවත්ය.
මේ වනවිට විශ්වවිද්‍යාල සිසුන්ගේ නිවෙස්වලට පොලීසිය ගොස් තොරතුරු රැස්කරමින් සිටින බවත්,අධිකරණ වාරණ නියෝග මගින් සිසු සටන නතර කළ නොහැකි බවද උන්වහන්සේ පැවසූහ.
මහජනතාවට,වාහනවලට,පොලීසියට බාධාවක් වන අයුරින් ගමන් කිරීම සහ ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු රාජ්‍ය ආයතනවලට බාධාවන අයුරින් සාමය කඩවන අයුරින් අද දිනයේදී පෙළපාළි ගමන් කිරීම සහ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් නිකුත් කළ අධිකරණ නියෝගයක් මගින් දන්වා තිබුණි.
සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ පසුගියදා පැවති සයිටම් විරෝධී උද්ඝෝෂණයෙන් පසුව අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන් හා එහි ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙසට බලකරමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
පස්වරු 2.00ට පමණ මෙම උද්ඝෝෂණය ආරම්භ වූ අතර ඊට පැයකට පමණ පෙර සිට ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට වන්නට ලෝටස් මාර්ගයේ වාහන ගමනා ගමනය නතර කර මාර්ග බාධක යෙදීමට පොලීසිය විසින් කටයුතු කරන ලදී.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
අක්කර කාලක මිරිස් වගාවකින් අස්වනු වාර පහකින් ලක්ෂ 9ක් හොයයි
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
ශ්‍රී පාද වන්දනාකරුවෝ සමනල රක්ෂිතයට වින කරති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd