බුදු මග යන සිය පවුල වෙනුවෙන් තම ලක්ෂ විස්සකට ආසන්න නිවාසය සහ ඉඩම ගිහි ජීවිතයේ වෙසෙන පුතු විසින් ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් අද (08) පරිත්‍යාග කළේය.
සසුන වෙනුවෙන් නිවාසය හා ඉඩම පරිත්‍යාග කළ පිළිමතලාවේ පදිංචි ඉංදික බංඩාර මහතායි.ඔහුගේ මව, පියා, නැගණිය හා බාල සොහොයුරා සසුන් ගතව සිටින්නෝය. එහිදී සසුන්ගතව නොවී සිටියේ ඉන්දික බණ්ඩාර මහතා පමණි.
“මගේ පියා මව නැගනිය, මල්ලි ගිහි කාලයේදි හිටිය නිවස තමා අද මම මැනික්දිවෙල අස්වැද්දුමේ ජිනේන්ද්රාරමයේ උල්පතගම සුනේත්‍රා මෙහෙනින් වහන්සේට පරිත්‍යාග කළා. මාගේ පියා, මව, නැගනිය, මල්ලි ශාසනයට සම්බන්ධ වෙලා කරන ධර්ම ප්රචාරක කටයුතුවලට හා ශාසනය වෙනුවෙන් කැපවීමට මාගේ හිත නැඹුරු වුණ නිසයි ඒ පරිත්‍යාගය කළේ.”
හිමි නමකගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමෙන් ගිහි ජීවිතයේ අනිත්‍ය තේරුම් ගෙන නිවන කරා ළඟාවිමට එකම පිළියම බුදු මග යෑම පමණක් බව අවබෝධයෙන් පැවිදි දිවියට පත් එකම පවුලේ පියා, මව, දුව සහ පුතා ඇතුළු පවුලේ ඥාතීන් 8 දෙනෙකු සසුන් ගතවී තිබුණි.
පවුලේ පියාණන් 2003 අගෝස්තු මස 8 වන දින පැවිදි දිවියට පිවිසි පියාණන් වූ වලල්ගොඩ චන්ද්‍රරතන හිමියන් මේ වනවිට කළුතර උග්ගල්බඩ ඉසිපතනාරාම ආරණ්‍ය සේනාසනාධිපති ලෙස වැඩ වාසය කරමින් සිටිති.
ඉන් අනතුරුව එම පවුලේ සහෝදරියන් දෙදෙනෙක්ද පැවිදි දිවියට ඇතුළත් වු අතර වැඩිමහල් සහෝදරියගේ ස්වාමියාද, වැඩිමහල් සහෝදරයාගේ දියණියද පැවිදි දිවියට එලැඹ තිබේ.
වලල්ගොඩ චන්ද්‍රරතන හිමියන් සමග තම පුතුද එකම දිනයකදි එවකට නෙළුම්දෙණිය ගෝතම විහාරස්ථානයේ විහාරාධිපති වු ගලතර පඤ්ඤානන්ද හිමියන් ගුරු කර 2003 අගෝස්තු මස 8 වන දින පැවිදි විමද විශේෂත්වයකි.
|
ඡායාරූප-1 - (මව), අස්වැද්දුමේ ධම්ම සුවිනීතා භික්ෂුනීන් , (දුවනිය) ත්‍රිපිටකාචාර්ය සද්ධර්ම විශාරද, විනය විශාරද අස්වැද්දුමේ සුදේශිකා භික්ෂුනීන් වහන්සේ , (පියා) වලල්ගොඩ චන්ද්‍රරතන හිමියන් , (පුතා) ඉසිපතන ආරණ්‍ය සේනාසනයේ හා නෙළුම්දෙණිය ගෝතම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය අස්වැද්දුමේ කමලශිල හිමියන්
|