පාස්කු ප්රහාරයෙන් පසුව ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තයට බාධාවක් එල්ල වුවත් ලෝකයේ ප්රකට සංචාරක මාර්ගෝපදේශ සඟරාවක් වන ලෝන්ලි පැලනට් සඟරාව 2019 වසරේදී ලෝකයේ තවදුරටත් සංචාරය කිරීමට හොඳම රට ලෙස ශ්රී ලංකාව නම් කර තිබේ.
2019 වසරේ ලෝකයේ සංචාරය කිරීමට හොඳම රට ලෙස මේ වසර මුලදී ඔවුන් ශ්රී ලංකාව නම් කළේය.
පාස්කු ප්රහාරයෙන් පසුව ශ්රී ලංකාවේ සංචාරක ඇනවුම් කිරිම් 186%කින් පමණ පහළ ගොස් ඇති බවත් එම සඟරාව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.
කෙසේ වෙතත් පසුගිය සති කිහිපය තුළ ශ්රී ලංකාවේ සංචාරය කිරීමේදි පනවා තිබූ සංචාරක තහනම් ඉවත් කළ බවත් ඔවුන් සඳහන් කරයි.




