නුවරඑළිය තුරග තරගාවලියේ දෙවැනි අදියරේ කුනිගල් මැජික් මිලියන් කුසලානය හිමි කර ගැනීමට දීප්තිකා ජයකොඩි මෙනෙවියගේ හිමිකාරිත්වයෙන් යුත් චාල්ටන් අශ්වයා සමත් විය. ඉන්දියන් අසරු ඉර්වාන් සිග් විසින් මෙහෙයවන ලද මෙම තරගයේ ජයග්‍රාහකයන්ට ශූරතා කුසලානයට අමතරව මුදලින් රුපියල් මිලියනයක් ත්‍යාග මුදල් ලෙසින් ලබා දුන් අතර එය ශ්‍රී ලංකාවේ පැවති තුරඟ තරගයක ලබා දුන් වැඩිම මුදල් ත්‍යාගය විය. මෙවර අදියරේ ප්‍රධානම තරගය ලෙස පැවති මෙය පළමු පංතියේ තුරඟයින් සහභාගි වූ තරගයක් ලෙසින් පැවත්විණි.
මෙහි දෙවැනි හා තෙවැනි ස්ථානයන් හිමි වූයේ පිළිවෙලින් දීප්ති ජයකොඩි මෙනෙවිය ම හිමිකාරීත්වය දරන අශ්වයින් දෙදෙනෙකු වූ අල්කසබා හා රොස්වල්ඩ් යන අශ්වයින් දෙදෙනාටයි.
අද (16) උදෑසන නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවති මෙම තරගාවලියේ මීට අමතරව තවත් තරග 06 ක් පැවත්විණි.
තරගාවලියේ නිළ මාධ්‍ය අනුග්‍රාහකයා ලෙසින් විජය පුවත්පත් සමාගම ක්‍රියා කලේය.
වසරේ දෙවැනි තුරග සමයේ දෙවැනි අදියර ලෙසින් මෙය පැවැත්විණි. මෙහි තෙවැනි අදියර එළඹෙන 23 වැනිදා නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වේ.
තරගාවලියේ අනෙකුත් අංශයන්හි ජයග්‍රාහකයන් පහත දැක්වේ.
කුසලානය ජයග්රාහි අශ්වයා හිමිකරු අසරුවා
සංචාරක අමාත්‍යංශ කුසලානය- අයිස්ලන්ඩ් / හසංග ජයරත්න / ඉම්රාන් ඛාන්
ආර්.ටී.එස්. රැජින කුසලානය - අයිස් මින්ට් / ඉසිර දසනායක /ඉර්වාන් සිං
බ්ලැක්පූල් හොටෙල් කුසලානය - ඩොන් හසා /ගාමිණී ජයරත්න මහතා හා මහත්මිය / ඒ.විශ්වනාත්
සුමති කුසලානය - කොස්මොපොලිටන් / අනුෂ්ක සොහා / දිනේ්ෂ්
ආර්.ටී.සී. නුවරඑළිය කුසලානය - රිීබාත් / වසන්ති ස්ටැබ්ලස් / දිනේෂ්
අරලිය හොටෙල් ග්‍රීන් හිල්ස් කුසලානය - ක්වීන්ස් ඔෆ් හිල් / ආර්.ඒම්. රාජපක්ෂ/ එම්. මෝහන්රාජ්
ඡායාරූප චානුක කුලසේකර