ADA
www.ada.lk
2025 මාර්තු මස 10 වන සඳුදා
එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් තවත් වසර හතරකට විස්සයි ලෝක ශූරයන් ලෙස කිරුළ පැළදීමට කොදෙව් කණ්ඩායම සමත්විය. එසේම විස්සයි20 ලෝක කුසලාන දෙකක් ජයගත් එකම කණ්ඩායම ලෙසින්ද කොදෙව් ඉතිහාසයට එක්විය.
මීට පෙර කොදෙව් කණ්ඩායම 2012 වසරේදී විස්සයි20 ලෝක ශූරයන් ලෙස කිරුළු පැළදීය. කොල්කටා ඊඩ්න් ගාඩන්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.
ඒ අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 155ක් රැස්කරමින් කොදෙව්වන්ට ලකුණු 156ක ඉලක්කයක් ලබාදුන්නේය.
කොදෙව්වන්ට අවසන් පන්දුවාරයේදී ලකුණු 19ක් අවශ්‍යවිය. කාලෝස් බ්‍රැත්වෙයිට් ස්ටෝක්ස්ගේ පළමු පන්දු හතරට හයේ පහර හතරක් වාර්තා කරමින් කොදෙව්වන්ට තරගයේ ජයගෙන දුන්නේය.
මේ වසරේදී 19න් පහළ එක්දින ලෝක කුසලානය, කාන්තා විස්සයි20 ලෝක කුසලානය හා විස්සයි20 ලෝක කුසලානය දිනාගැනීමට කොදෙව්වෝ සමත්වූහ.
2012 වසරේදී මෙන්ම මෙම තරගාවලියේත් අවශ්යෙව්ලාදීම ක්‍රියාත්මක වූ මාලන් සැමුවෙල්ස් නොදැවී ලකුණු 85ක් රැස්කරමින් කොදෙව්වන්ට දෙවැනි වතාවටත් ලෝක කුසලානයක් ගෙන දුන්නේය.
තරගයේ වීරයා ලෙස මාලන් සැමුවෙල්ස් සම්මාන ලැබූ අතර තරගාවලියේ වීරයා සම්මානය හිමිවූයේ විරාත් කෝලිටයි.
කාන්තා කණ්ඩාය ලෝක කුසලානය ජයගැනීමෙන් පසුව ඔවුන් හා එක්වූ කොදෙව් ක්‍රීඩකයන් පිටියේදී සතුට සැමරූ අතර කොදෙව් ක්‍රීඩකයන් ලෝක ශූරයන් වෙද්දී කාන්තා කණ්ඩායම ඔවුන් හා එක්ව සතුට සැමරීය.
popular news
අවුරුඳු 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම නිශ්චිත කාලයකදි වෛද්‍ය පරීක්ෂණයකට
මුතුපංතියේ මාදැලට අම්ඹරුවන් කිලෝ පනස් දහසක්
සැකකටයුතු ප්‍රාඩෝ රථයක් සමඟ හෝටල් හිමිකරු සහ තවත් අයෙක් අත්අඩංගුවට
අශේන් බණ්ඩාර අත්අඩංගුවට
පුතු පැදවීමට ගිය මෝටර් රථයට යටවී කථිකාචාර්ය මව ජීවිතක්ෂයට
පුද්ගලිකව එක් වාහනයක් ආනයනය කළ හැකියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd