109 වැනි වසරට වෙනි ජන්ම දිනය (2021.08.20) සැමරිමට අපෙක්ෂාවෙන් සිටින සයදරු මවක් ගිනිගත්හේන රම්පාදෙණිය ග්රාමසේවා වසමේ කොටියාකුඹුර ප්රදේශයේ පදිංචිව සිටියි.
1912.08.20 දින අරණායක ප්රදේශයේ උපත ලද මනන්රාලලාගේ ජේන් නෝනා නැමති සයදරු මව වසර 16 දී විවාහ වි ඇති අතර , පසුව සැමියා මිය යාමෙන් පසු නුවරඑලිය දිස්ත්රික්කයේ ගිනිගත්හේන ප්රදේශයේ පදිංචියට පැමිණ ඇත.
පුතුන් තිදෙනෙකු සහ දියණියන් තිදෙනෙකුගේ මවක් වන ජේන් නෝනා මතාවගේ වැඩිමහල් පුතා (88), දෙවන පුතා (78), තුන්වන පුතා (75) ,අනෙකුත් දියණියන් තිදෙනා (70) (67) (64) යන වයස් කාණ්ඩ වල පසුවෙයි.
ජේන් නෝනා මහත්මිය දැනට සිව්වෙනි දියණිය භාරයේ ගිනිගත්හේන ප්රදේශයේ නිවසේ රැදි සිටින අතර , ජෙන් නෝනාගේ දරුවන් සයදෙනාද ජිවතුන් අතර සිටින බවයි පැවසෙන්නේ.
මහළු මව රැක බලා ගන්නා එම මවගේ සිව්වෙනි දියණිය වන නන්දාවති මහත්මිය පවසන්නේ වසර 110 උපන් දිනය සැමරිමට අපෙක්ෂාවෙන් සිටින තම මවතමන්ට හැකි උපරිම ආකාරයෙන් රැක බලා ගන්නා බවයි.
කථන ආබාධයෙන් සහ සුළු අසනිප තත්ත්වයකින් පමණක් පසුවන තම මව පවතින දැඩි ආර්ථික අපසුතා මැද්දේ වුවද රැක බලා ගන්නා බවත්, තමාගේ අනෙකුත් සහෝදර සහොදරියන් හැකි සැම විටකම තම මව බැලිමට පැමිණෙන බවයි නන්දාවති මහත්මිය කියා සිටින්නේ.




