saravita-anim2

2025 පෙබරවාරි මස 24 වන සඳුදා

2025 පෙබරවාරි මස 24 වන සඳුදා

uncategorized - timelapse 5312 hours ago

LATEST

යුද හමුදාපතිවරයෙකුට රුසියාවෙන් කලාතුරකින් ලැබෙන ඉහළම ගෞරවාචාරය ජෙනරාල් ශවේන්ද්‍රට

calendar_today 2021 ඔක් 26 - 12:16 remove_red_eye - 1842  

රුසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත යුධ හමුදාපතිවරයෙකු වෙත කලාතුරකින් ලැබිය හැකි රුසියානු හමුදාවේ ඉහළම ගෞරවාචාරය ඉකුත් සඳුදා (25) රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශයේ රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී විසින් සිදු කරන ලදී.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (25දා) පස්වරුවේ කොළඹ නයින්වේලස් පෞද්ගලික රෝහලට ගොස් සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසා ඔවුන්ගේ දෙමාපියන් සමඟ සුහඳ කතාබහක නිරත වූවාය.

Read More

වීරකැටිය මැදමුලන ප්‍රදේශයේදී අද (24දා) පැවැත්වූ ගොවි උද්ඝෝෂණය උණුසුම් මුහුණුවරක් ගත් අතර එය මැඩපැවැත්වීමට පොලිස් නිලධාරින්ටද මැදිහත්වීමට සිදුවිය.

Read More

“මම ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට - ඒ තැබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ, ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගන්න - මිනිස්සු අවුස්සන දේශපාලනයට හසුවන්න එපා - අනාගත පරපුර වෙනුවෙන් පෙළ ගැහෙන්න”

Read More

“වසංගතය කියන්නේ අපි නිර්මාණය කර ගත්තු අභියෝගයක් නොවෙයි. නමුත් අපි නිර්මාණය කර ගත්තු අභියෝගත් තිබෙනවා. අපට වළක්වන්නට බැරි, මුහුණ දීමට සිදුවන, ජයග්‍රහණය හැර අන් තේරීමක් නැති අභියෝග වගේම සමහරවිට පාලකයන් විසින් ගනු ලබන වැරදි අනුවණ තීන්දු විසින් නිර්මාණය කරගන්නා අභියෝගවලටත් අපිට මුහුණ දීමට සිදුව තිබෙනවා. තමන් විසින් නිර්මාණය කරගන්නා අභියෝගවලට නොවෙයි අපි බිය විය යුත්තේ. ඒවා නිර්මාණය නොකරගෙන හිටියාම ඒවායෙන් ගැලවෙන්න පුළුවන්. නමුත් අපට මුහුණ දී ජය ගැනීම

Read More

මෙතෙක් මාදු ගඟට පමණක් සීමාවී තිබූ දැඩිලෙස තර්ජනයට පත් කඩොලාන විශේෂයක් වන රතමිල්ල (Lumnitzera littorea) ශාකය බෙන්තර ගඟ ආශ්‍රිත කඩොලාන පරිසර පද්ධතියෙන්ද මේ වනවිට වාර්තා වී තිබේ.

Read More

භගවත් ගීතාවේ සිංහල, දමිල හා ඉංග්‍රීසි අනුවාද සහිතව ශ්‍රී ලංකාවේ පරිවර්තනය කරන ලද කෘතියේ පළමු පිටපත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පිරිනමා තිබේ.

Read More

ඉන්දීය රජය මගින් අලුතෙන් ඉදිකරන ලද, කුෂි නගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීම සදහා එම ගුවන් තොටුපළ වෙත පිවිසෙන පළමු ගුවන් යානය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

Read More

ශ්‍රී ලංකාවේ මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සදහා භාවිතා කිරීමට , ඉන්දියාවේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය ලෙස , ලීටර් ලක්ෂයක් අද දින අලුයම , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

Read More

ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (19) පස්වරුවේ සිදුකෙරිණි.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ගේ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ ප්‍රතිපත්තියට සමගාමීව ජාතියේ උන්නතිය උදෙසා ශ්‍රී ලාංකික ජාතිය අසීරු අවස්ථාවන්ට මුහුණපාන අවස්ථාවලදි සහ ත්‍රස්තවාදීන්ට එරෙහිව හදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහිත කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ අතිරේක ප්‍රහාරක සේනාංක සහ විශේෂ ක්‍රියාන්විත බලකාවලින් සමන්විත ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ සමාරම්

Read More

මෙවර ඩුබායි හ ඕමාන්හි පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය නිපදවු මාස් හෝල්ඩින්ග්ස් සමාගම එය නිර්මාණය කිරීමට ඉවතලන ප්ලාස්ටික් බෝතල් යොදාගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව ආසනයේ තරුණ බල මණ්ඩලයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ඊයේ (17දා) පොළොන්නරුවේ දී පැවති බල මණ්ඩල රැස්වීමේදී පත් කරගෙන ඇත.

Read More

ශ්‍රී ලාංකික තරුණ සිනමාකරුවෙකු වන හසන්ත දිසානායක තරුණයා විසින් තිර රචනය කර අධ්‍යක්ෂණය කරනු ලැබූ “මට්න්” (Mutton) කෙටි චිත්‍රපටය තුර්කියේ පැවති ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සිනමා ශිෂ්‍ය කෙටි චිත්‍රපටි උළෙලේදී ජයග්‍රහණය ලබා තිබේ.

Read More

ප්‍රදේශයේ දානපතියෙකු වශයෙන් සිට පසුව අන්ත අසරණව බිබිල මැදගම නගරයේ කඩපිල්මත වසර විස්සක් දිවි ගෙවා මියගිය පුද්ගලයෙකුගේ දේහය තම බිරිද හා දියණිය බාර නොගැනීම නිසා ප්‍රදේශවාසීන් එක්ව අවසන් කටයුතු සිදුකළ බව ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.බී කාන්ත බිමල් රත්නායක මහතා පැවසීය.

Read More

නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ ඉදි වන ඇවිදින මංතිරුවක් සම්බන්ධයෙන් සොයා බැලිමට අද (12) දින ක්‍රිඩාංගණය වෙත පැමිණි විපක්ෂයේ සහ පාලන පක්ෂයේ මන්ත්‍රිවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු වි ඇත.

Read More

දේශීය ලොකුලූනු කිලෝවක් සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී රුපියල් එක්සිය පනහක ඉහළ මිලක් ලැබී තිබෙන බවත් ඉදිරි සති කිහිපය වන විට දේශීය ලොකු ලූනු කිලෝව රුපියල් දෙසිය ඉක්මවන වන මිලක් ඉහළ යා හැකි බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ .බී. ඒකනායක මහතා අද දින පැවසීය .

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මවුස්සාකැලේ, කැනියොන් , ලක්ෂපාන යන ජලාශ වල වාන් දොරටු (11) දින උදැසන සිට විවෘත කර ඇති බවත්, නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

Read More

අද (10) දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී ප්‍රධාන උත්සවය පැවැත්වුණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 1949 අංක 17 දරණ යුද්ධ හමුදා පනතට අනුව ස්ථාපිත කෙරිණි. රටේ ආරක්ෂාව උදෙසා විශාල කාර්යභාරයක් ඉටුකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පාබල, ආධාරක සහ සේවා රෙජිමේන්තු 25කින් සමන්විත වේ.

Read More

“ස්වල්ප වේලාවකට පෙර කෙන්යාවේ නයිරෝබි වෙත පැමිණියා. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වගේම ජන සමාජ අතර මිත්‍ර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඵලදායි හමුවීම් කිහිපයකට සහභාගිවීමට බලාපොරොත්තු වනවා.”

Read More

මෙම නෞකාව කොළඹ වරායට පැමිණියේ පළමු අවස්ථාවට වන අතර කොළඹ වරායද ඇතුළත්ව එම නෞකාවට ගමන් කළ හැක්කේ ලෝකයේ වරායවල් 24කට පමණි.

Read More

ඉන්දු ශ්‍රී ලංකා ’’මිත්‍ර ශක්ති’’ ඒකාබද්ධ යුද අභ්‍යාසය නිල වශයෙන් ආරම්භ කිරීම අද දින ( ඔක්තෝම්බර් 05) උදෑසන අම්පාර සටන් පුහුණු පාසලේ දී අභ්‍යාසයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ විසින් සිදු කරන ලදී.

Read More

මෙරට රජයේ හෝ පෞද්ගලික රෝහලක ප්‍රථම වතාවට රෝගියා සිහි නැති නොකර ස්ථානීය නිර්වින්දනය යටතේ රෝගියා තමාගේ ශල්‍යකර්මය නරඹමින් සුහද කතාබහක නියැලෙන අතරතුර අධි බල ලේසර් යන්ත්‍රයක් භාවිතයෙන් වකුගඩුවක ගල් ඉවත්කිරීමේ සැත්කමක් කළුතර නාගොඩ රෝහලේදී පසුගිය 02 වනදා සාර්ථකව සිදුකෙරිණි.

Read More

එළවළු තොග ව්‍යාපාරිකයෙකු වන කේ නසිර්කාන් මහතා විසින් මෙලෙස නොමිළයේ එළවළු පාර්සල් බෙදා දෙනු ලැබූ අතර ජනතාව විශාල ශයෙන් එක්රැස්වී මෙම එළවළු පාර්සල් ලබා ගැනීම දක්නට ලැබිණ. එළවළු කිලෝ 30,000 ක පමණ මෙලෙස බෙදා දීමට කටයුතු කර තිබිණ.

Read More

දිවාකර මහතා කොරියාවේ විදේශගත රැකියාවක වසර 10ක් පමණ නිරත වි නැවත ලංකාවට පැමිණ මෙම කාබනික වගාවෙන් ගොවිතැන ආරම්භ කර ඇති අතර මේ සදහා පවුලේ සියලු දෙනාගේ සහය හිමිවන බවද ඔහු පැවසිය.

Read More

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, බහුකාර්ය ඩිස්ට්‍රෝයර් නෞකාවක් වන ‘KAGA’, සහ ‘MURASAME’ හා ‘FUYUZUKI’ යන ඩිස්ට්‍රෝයර් නෞකා ත්‍රිත්වය අද (2021 ඔක්තෝබර් 02) නිළ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම යුද නෞකාවන් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් කොවැක්ස් පහසුකම යටතේ මෙරටට පරිත්‍යාග කළ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 04 ක් අද (01දා) රාත්‍රී එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබුණි.

Read More

මේ වන විට වැඩ නිමවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ මිරිගම - පොතුහැර කොටසේ ගුවනින් ගත් ඡායාරූප මහාමාර්ග අමාත්‍යාංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. මෙම මාර්ගය තවත් නොබෝ දිනකින් ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.

Read More

කලකට පසු සීගිරිය නැරඹීම සඳහා දිනකට විදේශීය සංචාරකයන් 15-20 විස්සත් අතර ප්‍රමාණයක් මේ දිනවල පැමිණෙමින් සිටින බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘති කළමනාකරු උපුල් නිශාන්ත මහතා අද (29දා) දින පැවසීය.

Read More

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය විසින් ප‍්‍රථම වරට සංග‍්‍රාමික සෙවිම් සහ මුදා ගැනීමේ පුහුණු අභ්‍යාසයක් තොප්පිගල, නරකමුල්ල ප‍්‍රදේශයේදී සිදුකරනු ලැබීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.