saravita-anim2

2025 ජනවාරි මස 19 වන ඉරිදා

2025 ජනවාරි මස 19 වන ඉරිදා

uncategorized - timelapse 4850 hours ago

LATEST

රෝද හතරක ගිය සුසිල් රෝද තුනකට බසියි

calendar_today 2022 ජන 04 - 14:39 remove_red_eye - 1887  

රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් කළ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (04දා) සිය අමාත්‍යධුරයට අදාළ වාහන මෙන්ම අනෙකුත් දෑ භාර දීමෙන් අනතුරුව ත්‍රි රෝද රථයක නැගී පිටව ගියේය.

මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කරමින්, මහාවිහාරවංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ” ගෞරව නාමය පිරිනමයි.

Read More

ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම 2021 දෙසැම්බර් මස 31 වන දින සහ 2022 ජනවාරි මස 01 වන දින කොළඹ ගාලු මුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි

Read More

සියයට හැත්තෑවක් කාබනික පොහොර සහ සියයට තිහක් රසායනික පොහොර යොදාගෙනඅක්කර තුන හමාරක භූමියක තක්කාලි වගාවෙන් මෙවර එක කන්නයකින් රුපියල් මිලියන 10ක මුදලක් උපයාගත් ගොවියකු ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයෙන් අපට හමුව විය

Read More

කන්කසන්තුරයේ සිට කොළඹ බලා ධාවනය වූ උත්තරදේවි සීඝ්‍රගාමී දුම්රියේ වනවාසල දුම්රිය ස්ථානය අසළ මෝටර් රථයක් ගැටිමෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

තනි එන්ජින් ගුවන් යානයකින් ලොව වටා සංචාරය කරමින් ලෝක වාර්තාවක් තැබීමට සැරෙසන බෙල්ජියම් ජාතික ළාබාලතම ගුවන් නියමුවරිය සාරා රදෆර්ඩ් මෙනවිය අද (30දා) උදෑසන නවයට පමන රත්මලාන ගුවන්තොටින් ඉන්දියාවේ කොයිම්බතුර් බලා යළි ගමන් ඇරඹුවාය.

Read More

GN 125 H වර්ගයේ යතුරු පැදි 10ක් මෙසේ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා හා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත පරිත්‍යාග කළේය.

Read More

මයික්‍රෝ ලයිට් තනි එන්ජින් ගුවන්යානයකින් ලෝකය වටා තනිව පියාසර කළ ළාබාලතම ගුවන් නියමුවරිය ලෙස ලෝක වාර්ථාවක් තැබීමට සූදානම් වන බෙල්ජියම් ජාතික අවුරුදු දහනවයක් වයසැති සාරා රදර්ෆර්ඩ්(Zara Rutherford) මෙනවිය අද (28දා) දහවල් එකහමාරට පමණ රත්මලාන ගුවන් තොටුපලට පැමිණියාය.

Read More

තිස් වසරක යුද්ධය නිමවා රටට සාමය උදාවීම සමරා රත්නපුර පිහිටි ඓතිහාසික සමන්දේවාල භූමියේ ඉදිකළ ශෛලමය බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ප‍්‍රථම මල් පූජාව සහ සමන් දේවාලයට ඇත් පැටවෙකු පූජා කිරීම අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් අද (28දා) සිදු කෙරුණි.

Read More

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෑවලවැව පළතුරු ගම්මානයේ පලතුරු අස්වැන්න විශාල වශයෙන් අඩු වී ගස් විනාශ වී යන තත්ත්වයට පත්ව ඇතැයි ගොවීහු පවසති.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර ප්‍රදේශවල මේ දිනවල අළුයම් කාලයේ පවතින අධික සිතල කාලගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම මල්තුහින පතිත වි තිබුණි.

Read More

සති අන්ත නිවාඩුව සහ (25) දිනට යෙදි ඇති නත්තල් දිනය නිමිත්තෙන් හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කිරිම සඳහා උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල වන්දනාකරුවන් පිරිසක් (25) දින පැමිණියහ.

Read More

නුවරඑළිය නගරය හා ඒ අවට ප්‍රදේශවලට අද (25) අලුයම් කාලයේ දැඩි ලෙස මල් තුහින පතිතවී තිබිණි.

Read More

සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවේම තෙවැනිස්ථානය උසස්පෙළ විභාගයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් හා ලංකාවෙන් ඉහළම සාමාර්ථයක් නීති විද්‍යාල ප්‍ර වේශයෙන් ලංකාවේ පළමු වැනියා

Read More

නුවරඑළිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකටම (22) දින අලුයම මල්තුහින පතිත වි තිබුණි.

Read More

බේරේ වැව පවිත්‍රකරණය ආරම්භ කරමින් ආධාරක මත රැඳවූ පැළ සහිත “පාවෙන තෙත්බිම්” දහසක් වැව මධ්‍යයට මුදා හැරීම අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු කෙරිණ.

Read More

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් භාවිතයෙන් ඉවත් කරන ලද මිග් 27 වර්ගයේ ප්‍රහාරයක ගුවන් යානයක් මොරටුව සරසවියට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කර තිබේ.

Read More

අපේ රටේ මාධ්‍ය ගෑස් ටැංකියක් පිපුරුණ විට ඒක ප්‍රවෘත්තියක් කර ගත්තාට, ගෑස් ටැංකිය අලුතින් හැදුවාම එක ප්‍රවෘත්තියක් කරගන්නේ නැහැ.

Read More

මේ වනවිට පත්ව ඇති අර්බුද සියල්ල ස්භාවික ව්‍යවසනයකින් පත්වූ අර්බුද නොවන බවත් දීර්ඝ කාලයක් මුළුල්ලේ අනුගමනය කරන ලද වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් සිදුවු අර්බුද බවත් එම අර්බුද අවසන් කිරීමට නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරමින් රට සංවර්ධනය කරා ගෙන යාමට ජාතික ජන බලවේගය සූදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

Read More

පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ සමන් දේවාලයේ අවාර සමයේ තැන්පත් කර තිබූ ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන්මුවා පිළිමය හා දේව ආභරණ හා පූජා භාණ්ඩ රැගත් විශේෂ රිය පෙරහැරවල් 04 ක් ඊයේ (17) දා අළුයම 05.20 ට ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයෙන් සුබ නැකත් අනුව ගමන ඇරඹුවේ හැටන්, බලංගොඩ, එරත්න හා කුරුවිට මාර්ග වලිනි.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 2.3 හා 2. 4 අතර කහතුඩුව හා කොට්ටාව අතර ප්‍රදේශයේ දී අද 13 අළුයම කැබ් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුර හේතුවෙන් කිලෝමීටර් දහයක් පමණ දුරට දැඩි රථ වාහන තදබදයක් ඇති වූ බව අධිවේගී රථවාහන පොලිසිය කියයි

Read More

දමිළ භාෂාව කථා කරන ජනතාව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ හමුවක් කොළඹදී පවත්වා තිබේ. පොදු ස්ථාවරත්වයක් විමසා බැලීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවැසීය.

Read More

කෝවිඩ් සමයතුළ දෙහිවල සත්වෝද්‍යානයේදී උපත ලද ඔරෙක්ස් ගවපැටියා , සිලූබූරු පැටියා , හිපෝ පැටියා , බූරු පැටියා යන පැටවුන් සඳහා නම්තැබීමේ වැඩ සටහනක් සමග තෑගි ලබාදීමටද සැලසුම් සකස් කරනු ලැබිණැයි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂක ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසීය.

Read More

රුපියල් කෝටි 250කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 250කට ආසන්න ප්‍රමාණයක් සමග විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොළඹට උදෑසන පිවිසෙන වාහන තදබදය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව වෙත කඩිනමින් සහන සැලසීම උදෙසා අතිගරු ජනාධිපතිගේ උපදෙසින්, මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර අද දින(09) කොළඹ නගරෙයේ ස්ථාන කිහිපයකන නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී දැනට පවතින වාහන තදබදය අවම කිරීම සදහා ගෙන ඇති පියවරයන්, ගතයුතු ක්‍රියාමාර්ග, පිළිබදව අමාත්‍යවරයා විසින් විශේෂ අවධානය යොමු කරන ලදී. එසේම සංඥා පුවරු, තාක්ෂණික උපකරණ භාවිතය, සහ පොලිස් නිළධාරීන්ග

Read More

එළඹෙන නත්තල් සමය වෙනුවෙන් නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලය විසින් වාර්ෂිකව පිළියෙළ කරන ලබන විශේෂ නත්තල් කෙක් ගෙඩියේ මිශ්‍රණය පිළියෙල කිරිමේ කටයුතු එම හෝටලයේ සමාන්‍යාධිකාරි රෙෆ්හාන් රෂින් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එම හෝටලයේ පාලන අධිකාරියේ නිලධාරින් සහ එම නිලධාරින්ගේ පවුලේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් අද (07) දින එම හෝටල් පරිශ්‍රයේදි සිදු කළේය.

Read More

පාර්ලිමේන්තු සභා ගර්භය තුල රජය ක්‍රියාත්මක කිරීමට උත්සහ දරණ ම්ලේච්ඡත්වයට , භීෂණයට, මැර දේශපාලනයට මෙන්ම තර්ජනයට වහාම නැවතීමේ ලකුණ තැබීමට කථානායකවරයා කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවූ ගින්නෙන් මෙරට සමුද්‍ර කළාපයට සිදුවූ හානිය හේතුවෙන් මරණයට පත්වූ කැස්බෑවුන් 14 දෙනෙකුගේ හා ඩොලෆින් මත්ස්‍යයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (06) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨ පශු ව්‍යාධි විද්‍යා දෙපාර්තුමේන්තුවේදී හා සත්ත්ව විද්‍යා දෙපාර්තුමේන්තුවේදී ඉතාලියේ පඩෝවා විශ්ව විද්‍යාලයේ විශේෂඥයින් තිදෙනෙකුගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගලප්‍රාදේශීය ලේකම්කොට්ඨාසයේ පිහිටා ඇති මහඋරුලෑවා ගම්මානයේ අක්කර 13 පමණ පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති භූමියක් කිසියම් පිරිසක් විසින් අල්ලාගෙන ගම්මුන්ට එම ප්‍රදේශයේ ගමන් කිරීම් පවා තහනම් කිරීමේ සිද්ධියකට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශාසාසනාරක්ෂක බලමණ්ඩල ස්වාමීන් වහන්සේලා දැඩි විරෝධය පළකරති.

Read More

පාකිස්තානයේ , සියල්කොට් ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක සේවය කරමින් සිටියදී , ඉකුත් 12/03 වැනි සිකුරාදා පහර දී මරා , පුළුස්සා දැමූ ශ්‍රී ලාංකික කළමනාකරු දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාරගේ මහතාගේ මළසිරුරේ භෂ්මාවශේෂ 12/06 දින සවස 05.10 ට පාකිස්තානයේ ලාහෝර් ගුවන් තොටුපළේ සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 186 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.